by Staff writer 08-12-2019 | 10:06 PM
COLOMBO ( News 1st ) - කොළඹදී රඳවාගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දී පිටව ගිය බවට වාර්තා වේ.
ඇයට අධිකරණයේ අවසරයකින් තොරව හෙට දිනය දක්වා විදේශ ගතවීම ද තහනම් කිරීමට පසුගිය තුන්වනදා අධිකරණය නියෝග කළා ය.
එම නියෝගය කළේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියයි.
මේ අතර හෙට දිනයට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය එහිදි නියෝග කළේ ය.