වසර 35කට පසු ලෝක විවාහක රූ රැජින ලංකාවෙන්

2020 ලෝක විවාහක රූ රැජින කිරුළ ලංකාවේ කැරොලීන් ජුරිට

by Staff writer 07-12-2019 | 12:09 PM

COLOMBO ( News 1st ) -ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි 2020 ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනා ගත්තා ය.

එම කිරුළ ශ්‍රී ලංකාවට හිමි වුණේ වසර 35කට පසුවයි. 2020 ලෝක විවාහක රූ රැජිණ අවසන් මහා තරගය ඇමරිකාවේ ලස් වේගස්හිදී අද පෙරවරුවේ අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණ. මෙවර ඒ සඳහා රටවල් 51 කින් තරගකාරියෝ එක්ව සිටියහ. අවසන් මහා තරගයේ දී මේ රූමතියන් සියලු දෙනා අභිබවමින් 2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස කැරොලයින් ජූරි කිරුළ දිනා ගත්තා ය. දෙවැනි ස්ථානය අයර්ලන්ත රූ රැජිණටත්, තුන්වැනි ස්ථානය ඇමෙරිකාවේ වර්ජින් අයිලන්ඩ් හි රූ රැජිනටත් හිමි විය. මීට පෙර විවාහක රූ රුජිණ කිරුළ 1984 දී ශ්‍රී ලංකාවට හිමි කර දුන්නේ රෝසි සේනානායක මහත්මියයි. ඒ, පළමු වරට පැවති විවාහක රූ රුජිණ තරගාවලියේ දීයි. මෙවර කිරුළ දිනාගත් කැරොලයින් ජූරි 27 හැවිරිදි එක් දරු මවක වන අතර, ඇය හෙට දිවයිනට පැමිණීමට නියමිතයි.