බොලිවුඩ් චිත්‍රපට 2ක් චීනයේ තිරගත කිරීමට සැළසුමක්

'සුපර් තර්ටි' හා 'සාන්ද් කි ආන්ක්' චීනයේ තිරගත කිරීමට සැළසුමක්

by Staff writer 07-12-2019 | 10:49 AM

News 1st - 'සුපර් තර්ටි' සහ 'සාන්ද් කි ආන්ක්' නැමති බොලිවුඩ් චිත්‍රපට චීනයේ තිරගත කිරීමට සැළසුම් කර තිබේ.

මෙම චිත්‍රපටවල ප්‍රධාන චරිත සඳහා පණපොවන්නේ රිතික් රෝෂන්, භූමි පේඩ්නේකාර් සහ තාප්සී පන්නු යන සුපිරි නළු නිළියන් ය. දන්ගල්, සීක්‍රට් සුපර් ස්ටාර් ඇතුළු බොලිවුඩ් චිත්‍රපට කිහිපයක්ම මීට පෙර චීනයේ තිරගත කළ අතර එම චිත්‍රපට සඳහා චීන රසිකයන්ගෙන් ඉතා ඉහළ ප්‍රතිචාර හිමිවිය.