බද්දේගමදී සිදුවූ පහර දීමකින් තරුණයෙකු මරුට

බද්දේගමදී සිදුවූ පහර දීමකින් තරුණයෙකු මරුට

by Staff writer 07-12-2019 | 4:04 PM
COLOMBO (News 1st) : බද්දේගම, කිරිබතාවිල ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 26 හැවිරිදි තරුණයෙකි. පොලීසිය පැවසුවේ, පෞද්ගලික ආරවුලක් මත ඊයේ රාත්‍රී 11 ට පමණ අදාළ තරුණයාට පහරදී ඇති බවයි. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ අදාළ තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද අලුයම මියගොස් තිබේ.