පහරදීමකින් බද්දේගම තරුණයෙකු මරුට

පහරදීමකින් බද්දේගම තරුණයෙකු මරුට

by Staff writer 07-12-2019 | 9:13 AM

COLOMBO ( News 1st ) - බද්දේගම, කිරිබතාවිල ප්‍රදේශයේදී පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි තරුණයෙකි. පොලීසිය පැවසුවේ, පෞද්ගලික ආරවුලක් මත ඊයේ රාත්‍රී 11ට පමණ අදාළ තරුණයාට පහර දී ඇති බවයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ අදාළ තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද අලුයම මියගොස් තිබේ.