තුවාල වූ කාන්තාව රාගමට

ජා-ඇළ පොලීසියේදී ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ කාන්තාව රාගම රෝහලට

by Staff writer 07-12-2019 | 8:47 AM

COLOMBO ( News 1st ) - ජාඇළ පොලිස් ස්ථානය තුළදී නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලැබූ කාන්තාව මේ වනවිට රාගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ, ඇයගේ පාදයේ සුළැඟිල්ල ආසන්නයට වෙඩි වැදී ඇති බවයි. ජාඇළ පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු බැලීමට පැමිණි අවස්ථාවේ ඊයේ පස්වරුවේ ඇය එම සිදුවීමට මුහුණ පා තිබුණි. ඒ, ආධුනික නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් ය. තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා ජාඇළ දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට මාරු කර යවා තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ, ජාඇළ පදිංචි එක්දරු මවකි.