ගල්කිස්සේ අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙකු මරුට

ගල්කිස්සේ අනතුරකින් ත්‍රිරෝද රථ රියැදුරෙකු මරුට

by Staff writer 07-12-2019 | 6:46 PM
COLOMBO (News 1st) : ගල්කිස්ස ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ, බස් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් 55 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරා මියගොස් තිබේ. ඔහු බොරුපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරට සම්බන්ධ බස් රථයේ රියැදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළේ ය. ඔහු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. අනතුර සම්බන්ධයෙන්, ආරක්ෂිත කැමරා දර්ශන මගින් ඉදිරි විමර්ශන සිදුවන බව පොලීසිය පැවසී ය.