කොළඹ වරාය නගර භූමිය මෙරට භූමියේ කොටසක් වෙයි

කොළඹ වරාය නගර භූමිය මෙරට භූමියේ කොටසක් වෙයි

by Staff writer 07-12-2019 | 10:18 PM
COLOMBO (News 1st) : කොළඹ වරාය නගර භූමිය මෙරට භූමියේ කොටසක් ලෙස එක් කිරීමේ නිල උත්සවය අද පස්වරුවේ පැවැත්විණ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වුයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතායි. මෙහිදී සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්ද නිකුත් කෙරිණ. . හෙක්ටයාර 269 ක් වන මෙම භූමිය ගොඩ කිරීම සිදු කෙරුණේ චීන රජයේ ව්‍යපෘතියක් ලෙසයි. මේ උත්සවයට සමගාමීව විශේෂ මල් වෙඩි සංදර්ශනයක් ද වරාය නගර පරිශ්‍රයේදී පැවැත්වුණු අතර එය නැරඹීමට විශාල පිරිසක් ගාළු මුවදොර පිටියට පැමිණ සිටියේ ය.