උඩරට දුම්රිය ධාවනය අද රාත්‍රීයේ යථා තත්ත්වයට

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද රාත්‍රී වන විට යථා තත්ත්වයට

by Staff writer 07-12-2019 | 3:32 PM
COLOMBO (News 1st) : පස්කඳු කඩා වැටීම් හේතුවෙන් අවහිර වී ඇති උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද රාත්‍රී වන විට යථා තත්ත්වයට පත්කළ හැකි වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එහි සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, පස්කඳු කඩා වැටුණු ඕබොඩඇල්ල ප්‍රදේශයේ පිළිසකර කිරීම්, යුධ හමුදාවේ ද සහය ඇතිව කඩිනමින් සිදුකරමින් පවතින බවයි. එම කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක බව ද, ඔහු පැවසී ය. ඩිලන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, බණ්ඩාරවෙල හා දියතලාව දුම්රිය ස්ථාන අතර මගීන් ප්‍රවාහන කටයුතු සඳහා ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බවයි.