අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් කේරල ගංජා සමග STF ​දැලේ

අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් කේරල ගංජා සමග STF ​දැලේ

by Staff writer 07-12-2019 | 9:40 AM

COLOMBO ( News 1st ) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේදී කේරල ගංජා සමග අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකාය කළ මෙහෙයුමකදී ය. සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති කේරල ගංජා ප්‍රමාණය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 35 කි. සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බව පොලීසිය ප්‍රකාශ කළේ ය.