ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි සිඩ්නි නගරාසන්නයට

ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි සිඩ්නි නගරාසන්නයට

by Staff writer 07-12-2019 | 8:59 AM

News 1st - ඕස්ටේලියාවේ පැතිරයමින් තිබෙන ලැව් ගිනි එරට ජනාකීර්ණ නගරයක් වන සිඩ්නි නගරාසන්නයට ව්‍යාප්ත වී තිබේ.

එරට මාධ්‍ය වාර්තා කළේ, සිඩ්නි නගරයට උතුරින් කිලෝමීටර 60 ක පමණ ප්‍රදේශයේ මේ වනවිට ලැව් ගිනි පැතිරයමින් පවතින බවයි. ලැව් ගිනි පාලනයට ගිණි නිවීමේ භටයින් 2000 ක් පමණ යොදවා තිබේ. හෙක්ටයාර් 300,000 පමණ මේ වනවිට ගින්නෙන් විනාශ වි ඇති බව සඳහන් වේ. ගින්නෙන් තම දේපළ ආරක්ෂා කර ගත නොහැකි පුද්ගලයින්ට වහාම පිටව යන්නැයි එරට ආපදා අංශ දැනුම් දී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පසුගිය ඔක්තෝබර් මාසයේ සිට ඇති වූ ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති අතර නිවාස 700 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.