by Staff writer 07-12-2019 | 10:32 AM
COLOMBO ( News 1st ) - කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කොමිසම හමුවට දෙවන දිනටත් අද පැමිණියේ ය.
ඒ, රහසිගත ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.
පෙරවරු 9.30 ට පමණ කාදිනල් හිමිපාණන් කොමිසමට පැමිණි බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ ය.
මේ අතර කාදිනල් හිමිපාණන් ඊයේ දිනයේත් පස්වරු 2.00ට පමණ එම කොමිසම හමුවට පැමිණි අතර පැය 04 කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගියේ ය.