by Staff writer 06-12-2019 | 5:04 PM
COLOMBO ( News 1st ) - යාපනය විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියම කළ මරණීය දණ්ඩනය නියෝග අවලංගු කර තමුන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා මහාලිංගම් ශෂිකුමාර් හෙවත් 'ස්විස් කුමාර්' නමැත්තා ඇතුළු 7 දෙනෙකු ගොනුකර තිබූ අභියාචනා පෙත්සම් සළකා බැලීම සඳහා මැයි 19 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේ ය.
ඔවුන්ට මරණ දඬුවම නියම වූයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීමේ චෝදනාවලට වරදකරුවන් කරමින් ය.
ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස් තුරෙයිරාජා යන විනිසුරු මඬුල්ල හමුවේ එම පෙත්සම් අද කැඳවා තිබුණි.
අදාළ ඝාතන නඩුව විභාග කළ එවකට වව්නියාව මහාධිකරණ විනිසුරු ලෙස කටයුතු කළ බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා ඇතුළු ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විත්තිකරුවන් 7 දෙනාට මරණ දඬුවම නියම කළේ 2017 වසරේ සැප්තැම්බර් 27 වැනිදා ය.