රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්නට අධිචෝදනා

රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්නට අධිචෝදනා

by Staff writer 06-12-2019 | 1:23 PM
COLOMBO (News 1st) : රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද අධිචෝදනා ගොනුකර නඩු පවරනු ලැබීය. ඒ, 2014 මැයි 21 වෙනිදා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ශ්‍රී ලංකන් කේටරින් සර්විසස් සමාගමට අයත් රුපියල් තුන්ලක්ෂ තිස්දහසක මුදලක් , මාරවිල ගම්බද කේටරින් ආයතනය වෙත ගෙවීමට ශ්‍රීලංකන් කේටරින් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා පෙළඹවීම ඇතුළු චෝදනා දෙකක් යටතේයි.