රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු ඝාතනයේ සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 06-12-2019 | 4:53 PM

COLOMBO ( News 1st ) - රත්ගම පදිංචි ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් ලබන 20 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, ඔවුන් අද ගාල්ල මහේස්ත්‍රාත් ප්‍රේමරත්න තිරාණගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. රජයේ රස පරීක්ෂකවරයා වෙත යවන ලද මියගිය පුද්ගලයින්ගේ අස්ථි කොටස් සම්බන්ධ වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සිටින තවත් සැකකරුවෙකු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බැවින් විමර්ශන මෙතෙක් අවසන්ව නැතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය. මෙම ද්විත්ව ඝාතනය සිදුකර තිබෙන්නේ පසුගිය ජනවාරී 23 වැනිදා ය.