රංජිත් සොයිසාගෙන් හිස් වූ මන්ත්‍රී ධූරය කාටද?

රංජිත් සොයිසාගෙන් හිස් වූ මන්ත්‍රී ධූරය කාටද?

by Staff writer 06-12-2019 | 3:31 PM

COLOMBO ( News 1st ) - මන්ත්‍රී ධුරයක් පුරප්පාඩුව පවතින බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා, ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිඛිතව දැනුම් දී තිබේ.

එම පුරප්පාඩුව ඇති වූයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසුවය. ඒ, අනූව රත්නපුර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මනාප ලැයිස්තුවේ ඉදිරියෙන් සිටින අපේක්ෂයා සම්බන්ධයෙන් තොරතුරු ලබාගනු ඇති. අනතුරුව ජාතික මැතිවරණ කොමිසම පුරප්පාඩු මන්ත්‍රී ධූරය සඳහා ඔහුගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ය.