ගණකාධිකාරීවරයාටත් බැලන්ස් කළ නොහැකි වූ මුදල් වංචාව

මුදල් වංචා කළ ගණකාධිකාරීවරයෙකුට වසර 367 ක සිර දඬුවමක්

by Staff writer 06-12-2019 | 6:21 PM

COLOMBO ( News 1st ) - ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර සේවය කළ ආයතනයට අයත් රුපියල් 2,199,130 මුදලක් වංචා කිරීම ඇතුළු අධි චෝදනා 19 කට වරදකරු කරනු ලැබු ගණකාධිකාරීවරයෙකුට කොළඹ මහාධිකරණය අද බරපතල වැඩ සහිත වසර 367 ක සිර දඬුවම් නියම කළේ ය.

ඔහුට රුපියල් ලක්ෂ 19 ක දඩයක් නියම කළ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අධිකරණය මගහැර සිටින විත්තිකරු දුටු තැන අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු ද නිකුත් කරනු ලැබුවේ ය. විත්තිකරු පුද්ගලික සමාගමක ගණකාධිකාරිවරයා ලෙස සේවය කරමින් සිටියදී 2000 වසරේ ජනවාරි 4 වැනිදා සිට 2011 ජනවාරි 3 වැනිදා අතර කාලය තුළ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කොට එකී මුදල් වංචා කර තිබේ. පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බව නිගමනය කළ විනිසුරුවරයා එවැනි වංචා සිදු කරන සෙසු පුද්ගලයින්ට ආදර්ශයන් ගත හැකි පරිදි දඬුවම් නියම කිරීම තම අධිකරණයේ වගකීම බව ප්‍රකාශ කරමින් එම දඬුවම නියම කළේ ය.