මල්වතු ඔය දෙපස හා යාන්ඔය පහළ නම්, අවධානෙන්..

මල්වතු ඔය දෙපස හා යාන්ඔය පහළ නම්, අවධානෙන්..

by Staff writer 06-12-2019 | 9:50 AM
COLOMBO (News1st) : නාච්චාදූව සහ යාන්ඔය ජලාශවලින් මුදා හැරෙන ජල ප්‍රමාණය ඉහළ දැමීම හේතුවෙන් මල්වතු ඔය දෙපස හා යාන්ඔය පහළ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ජනතාවට අවධානයෙන් සිටින්නැයි, වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ජානකී මීගස්තැන්න මහත්මිය සඳහන් කළේ, මහකනදරාව ජලාශයේ වාන් දොරටු දෙකක්ද අද පෙරවරු 8.30 ට විවෘත කළ බවයි. මේ හේතුවෙන් මල්වතුඔය ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඇය සඳහන් කළා ය. ජානකී මීගස්තැන්න මහත්මිය පැවසුවේ , නුවරවැවේ ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්න වෙමින් ඇති බවයි.