නවගමුවේදී හෙරොයින් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට

නවගමුවේදී හෙරොයින් සමග සැකකරුවෙකු STF අත්අඩංගුවට

by Staff writer 06-12-2019 | 1:51 PM
COLOMBO (News1st) :නවගමුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 643 ක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබේ. පොලීසිය සඳහන් කළේ, සංවිධානාත්මක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් ඔහු අවශ්‍ය කරන සැකකරුවෙකු බවයි. අත්අඩංගුවට ගත් සැකකරු දැනට විදේශගතව සිටින මරනමානන්ගේ චමින්ද රෝහණ මංජු නොහොත් කළු සාගර නමින් හඳුන්වන අයගේ මෙහෙයවීම මත හෙරොයින් ජාවාරම සිදු කර ඇති බවට අනවරණයවී ඇතැයි, පොලීසිය පැවසී ය. කළු සාගර නමැත්තා 2015 මැතිවරණ සමයේ කොළොන්නාව ප්‍රදේශයේ වෙඩි තබා අනර්ථයක් සිදු කිරීම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි අයෙකු බව ද පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.