ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් කාන්තාවකට තුවාල

ජා-ඇල පොලීසීයේදී නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් කාන්තාවකට තුවාල

by Staff writer 06-12-2019 | 7:52 PM

COLOMBO (News 1st): ජා-ඇල පොලිස් ස්ථානය තුළදී නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් කාන්තාවක තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු බැලීමට පැමිණි අවස්ථාවේ ඇය එම සිදුවීමට මුහුණ පා ඇති බවය. පොලීසිය සඳහන් කළේ, ආධුනික නිලධාරියෙකුගේ ගිනි අවියක් එලෙස ක්‍රියාත්මක වී ඇති බව ය. තුවාල ලැබූ කාන්තාව මේ වනවිට ජා-ඇල දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඇය රාගම රෝහලට මාරු කර යැවීමට නියමිත බව ය.