ජල නළයක් කැඩීයාමෙන් අවිස්සාවේල්ල පරණ පාර කොටිකාවත්තෙන් වැසේ: කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුමට බාධා

by Staff writer 06-12-2019 | 3:55 PM

COLOMBO ( News 1st ) - කොටිකාවත්ත ප්‍රදේශයේදී, ලබුගම සිට කොළඹට ජලය රැගෙන එන ප්‍රධාන නළයක පිපිරීමක් සිදුව තිබේ.

මේ හේතුවෙන් කොළඹ - අවිස්සාවේල්ල පරණ පාර කොටිකාවත්ත ප්‍රදේශයෙන් වසා දමා ඇතැයි එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේ ය. ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේ, නළය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි. මේ හේතුවෙන් කොළඹ 10 සහ කොළඹ 12 යන ප්‍රදේශවලට හෙට උදෑසන 8 පමණ දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති. ඊට අමතරව කොළඹ 11 සහ 13 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සඳහන් කළේ ය.