කාලගුණෙන් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනයක්

කාලගුණෙන් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදනයක්

by Staff writer 06-12-2019 | 7:54 AM
COLOMBO (News 1st) : යාපනය , කිලිනොච්චිය , මුලතිව් , මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලට මිලිමීටර් 150 ත් 200 ත් අතර ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. තද වැසි පිළිබද අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අනුරාධපුරය, පොළොන්නරුව, ත්‍රිකුණමලය, මඩකලපුව, නුවරඑළිය, බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවලට මිලිමීටර් 100 ත් 150 ත් අතර තද වැසි ඇති විය හැකි බවයි. මේ අතර සබරගමුව, දකුණ හා බස්නාහිර පළාත්වලටත් මාතලේ පුත්තලම හා මහනුවර දිස්ත්‍රික්කවවලට මිලිමීටර් 75 ත් 100 ත් අතර තරමක් තද වැසි ද ඇති විය හැකි වේ. දිවයින ආශ්‍රිත සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50 ක් දක්වා ඉහළ යා හැකි බව පෙන්වා දෙන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දෙයි.