කරන්දෙණියේ අනතුරකින් පුද්ගලයින් 15 කට තුවාල

කරන්දෙණියේ අනතුරකින් පුද්ගලයින් 15 කට තුවාල

by Staff writer 06-12-2019 | 6:21 AM
COLOMBO (News 1st) : අම්බලන්ගොඩ - ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය මඩ කුඹුර විද්‍යාලය අසල සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රියේ බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි. අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.