ද. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් නව ද. ආසියානු වාර්තාවක්

ද. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් නව ද. ආසියානු වාර්තාවක්

ද. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගෙන් නව ද. ආසියානු වාර්තාවක්

කර්තෘ Staff writer

06 Dec, 2019 | 11:25 am

COLOMBO (News 1st) : 100 x 4 පිරිමි කණ්ඩායම නව දකුණු ආසියානු වාර්තාවක් සමගින් රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.

අද දකුණු ආසියානු ක්‍රීඩා උළෙළදී ඔවුන් තරගය නිම කළේ, තත්පර 39.14 ක කාලයක් වාර්තා කරමිනි.

අද ශ්‍රී ලංකා ක්‍රීඩකයින් බිඳ දැමුවේ මීට පෙර තත්පර 39.40 ක කාලයක් සටහන් කරමින් ඉන්දීය ක්‍රීඩකයින් තබා තිබූ වාර්තාවයි.

කෙටිදුර ධාවන ශුරයින් වන හිමාෂ ඒශාන් , විනෝජ් සුරංජය , චානුක සන්දීප හා යුපුන් ප්‍රියදර්ශන ශ්‍රී ලංකා කන්ඩායම නියෝජනය කළහ.

ශ්‍රී ලංකා කාන්තා 100 x 4 කණ්ඩායම ද තත්පර 44 .89 ක කාලයක් වාර්තා කරමින් එම තරගයේ රන් පදක්කම දිනා ගත්තේ ය.

ලක්ෂිකා සුගන්ධි, සදීපා ඇන්ඩර්සන්, අමාෂා ද සිල්වා, සාරංගි ලක්ෂිණි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළහ.

පිරිමි මීටර් 100 x 4 සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නව ද. ආසියානු වාර්තාවක්

JUST IN : ද. ආසියානු ක්‍රීඩා උළෙල :පිරිමි මීටර් 100 x 4 සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් නව ද. ආසියානු වාර්තාවක්…

Posted by Newsfirst.lk on Thursday, December 5, 2019

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]