විදෙස්ගත වන ශ්‍රමිකයින්ගෙන් අය කරන ගාස්තු පහළට

විදෙස්ගත වන ශ්‍රමිකයින්ගෙන් අය කරන ගාස්තු පහළට

by Staff writer 05-12-2019 | 3:18 PM
COLOMBO (News 1st) : රැකියා සඳහා විදෙස්ගත වන ශ්‍රමිකයින්ගෙන් අය කරන ගාස්තු පහළ දමා තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ, රුපියල් 17 837 ක්ව පැවති විදෙස් රැකියා සඳහා ලියාපදිංචි වීමේ ගාස්තුව රුපියල් 16 416 ක් දක්වා පහළ දමා ඇති බවයි. ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තුව ද රුපියල් 3456 ක් දක්වා පහළ දමා තිබේ. එම ගාස්තුව පෙර පැවතියේ රුපියල් 3755 ක් ලෙසයි. නව රජයේ බදු සහන වැඩපිළිවෙළ යටතේ එම තීරණය ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ ය.