ශ්‍රී ලංකාවට අද ත් රන් හා ලෝකඩ පදක්කමක්

ලක්ෂිකා සුගන්ධි ලක්මව රනින් බබළවයි

by Staff writer 05-12-2019 | 11:05 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ ලක්ෂිකා සුගන්ධි මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 100 ය කඩුලු මතින් දිවීම කාන්තා ධාවන ඉසව්වේ රන් පදක්කම අද දිනා ගෙන තිබේ.

ඒ, තත්පර 13 යි දශම 6 යි 8 ක දක්ෂතාවක් දක්වමිනි. එහි ලෝකඩ පදක්කම හිමි වූයේ ද ශ්‍රී ලංකාවටයි. තත්පර 14යි දශම 1යි 8 කින් තරගය අවසන් කළ ඉරේෂානි රාජසිංහ එම ලෝකඩ පදක්කම දිනා ගත්තා ය.