එජාප පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙයි

රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එජාප පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වෙයි

by Staff writer 05-12-2019 | 9:48 AM

COLOMBO (News 1st) - එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. එම රැස්වීමේදී විපක්ෂ නායක ධුරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ය. අද පස්වරු 3.00 ට සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවැත්වෙන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇතැයි ඔහු පැවසීය. එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිත බව ද අකිල විරාජ් කාරියවසම් මහතා පැවසුවේ ය.