මාලදිවයින් විදේශ ඇමති දිවයිනට

තෙදින සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ ඇමති දිවයිනට

by Staff writer 05-12-2019 | 7:09 AM

COLOMBO (News 1st) - මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණ තිබේ.

ඒ, තෙදින නිල සංචාරයක් සඳහායි. මාලදිවයින් විදේශ අමාත්‍යවරයා අද විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමට නියමිතව ඇත. ඔහු සිය සංචාරය තුළදී ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා මෙන් ම මෙරට ඉහළපෙළේ නිලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට නියමිතයි. මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් ලබන 7 වැනි දා දක්වා මෙරට රැඳී සිටිනු ඇති.