by Staff writer 05-12-2019 | 10:18 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කණ්ඩායමේ කවරෙකු හෝ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා සූදානම් වීම සහ පෙළඹවීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 16 වැනිදා දක්වා රඳවා තබා ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් මංගල වර්ණකුලසූරිය මහතා අපරාධ පරීක්ෂණ දොපාර්තමේන්තුවට අවසර දුන්නේ ය.
මෙම අවසරය දුන්නේ සැකකරු අධිකරණ නියෝග මත පැය 72 ක් කටුනායක පොලීසියේ රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඊයේ රාත්‍රි වැඩබලන මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
ඔහු වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙකි.
සැකකරු සතුව තිබී ජංගම දුරකථන සිම්කාඩ් පත් 11 ක් සොයා ගත් බව කටුනායක පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ ය.
පොලීසිය අධිකරණයට පැවසුවේ, එම සිම් කාඩ් පත් යොදා ගනිමින් සැකකරු කිසියම් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග එක්වී අරමුදල් රැස් කිරීම හෝ ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදුකිරීම මගින් රටේ අස්ථාවරභාවයක් ඇති කිරීමට කටයුතු කර ඇත් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණවලදි සැකයක් මතුව ඇති බවයි.
වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා පැය 72 ක කාලයක් ප්‍රමාණවක් නොවන බැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තබා ප්‍රශ්න කිරීමට අවසර දෙන ලෙස පොලීසිය ඉල්ලා සිටි අතර, අධිකරණය ඊට අවසර දුන්නේ ය.
කටුනායක අමන්දොළුව ප්‍රදේශයේදී පසුගිය දෙවැනිදා සැකකරු අත්අඩංගුවට ගැණුනේ තවත් තිදෙනකු සමග නිවසක සිටියදීයි.