කැනඩා අගමැතිට ට්‍රම්ප්ගෙන් චෝදනා

කැනඩා අගමැතිට ට්‍රම්ප්ගෙන් චෝදනා

by Staff writer 05-12-2019 | 10:04 AM

News 1st - කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මුහුණු දෙකක් සහිත ව්‍යාජ පුද්ගලයකු බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කරයි.

ඔහු මේ බව සඳහන් කළේ, කැනඩා අග්‍රාමාත්‍යවරයා, ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් සමග එක් ව අමෙරිකානු ජනාධිපතිවරයාගේ දීර්ඝ මාධ්‍ය සාකච්ජා හාස්‍යයට ලක් කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත්වීමෙන් පසුවයි.
ඔවුන්ගේ අනුදැනුමින් තොරව එය පටිගත කර තිබූ අතර ජනාධිපති ට්‍රම්ප් නේටෝ සමුළුවෙන් පසුව පැවැත්වීමට නියමිතව තිබු මාධ්‍ය සාකච්ජාව ද අවලංගු කර තිබේ.