ඉරාන ජනපතිගෙන් ජනපති ගෝඨාභයට සුබ පැතුම්

ඉරාන ජනපතිගෙන් ජනපති ගෝඨාභයට සුබ පැතුම්

by Staff writer 05-12-2019 | 10:04 PM
COLOMBO (News 1st) : ඉරාන ජනාධිපතිතුමා සහ ජෝර්දාන රජතුමා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ ප්‍රාර්ථනා කර තිබේ. ඉරාන ජනාධිපති හසන් රවුහානී මහතා සඳහන් කර ඇත්තේ රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාසයේ නව යුගයක් සලකුණු කරන බවයි. ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ දෙරට අතර විවිධ ක්ෂේත්‍රවල මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වනු දැකීම සිය අභිලාසය බව ද ඉරාන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. ජෝර්දානයේ දෙවැනි අබ්දුල්ලා රජු සඳහන් කර ඇත්තේ දෙරටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් සුබ පතන බවයි. ශක්තිමත් මිත්‍රත්වයේ හා සහයෝගීතාවේ බැඳීම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ඉදිරියට ගෙන යාම සඳහා අඛණ්ඩව ක්‍රියා කරන බව ද දෙවැනි අබ්දුල්ලා රජුගේ සුබ පැතුම් පණිවුඩයේ සඳහන්ව ඇත.