රනිල් සෙනසුරාදා විදේශගත වන බව මනෝ ගනේෂන් කියයි

JUST IN : එජාප නායක රනිල් සෙනසුරාදා විදේශගත වන බව මනෝ ගනේෂන් කියයි

by Staff writer 04-12-2019 | 9:23 PM
COLOMBO (News 1st) : එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබන සෙනසුරාදා විදේශගත වීමට නියමිත බව හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඊට පෙර පක්ෂ නායකත්වය සම්බන්ධ ගැටලුවට විසඳුම් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
''අපි එජාපෙ නෙමෙයිනේ එජාපෙ සමඟ වැඩ කරන අයනෙ, අපි කියල කියල කියල දැන් එපා වෙලා ඉන්නේ, දැන් හැමදාම කියාගෙන ඉන්නත් බෑ ඒගොල්ලන් කියන දේ අහන්න බැරිනම් අපිටත් විකල්ප මාර්ග හොයන්න වෙනවා. හෙට උදෙත් 9ට සජිත් මහත්තයා සමඟ වැදගත් සාකච්ජාව අපේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකවරුන් තියෙනවා. පක්ෂ නයක තමයි ඕනේ ඒ පක්ෂ නයකයා තමයි එක්සත් ජාතික පෙරමුණෙත් නායකයා වෙන්න ඕනේ නැතුව බෑ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්යා සෙනසුරාදා රට යන්න පෙර මෙකේ අවසානයක් වෙන්න ඕනේ කියලා හිතනවා අපි'' https://business.facebook.com/NewsfirstSL/videos/439377296679753/