වලපනේ නායයාමෙන් අතුරුදන් දරුවා සොයා අදත් මෙහෙයුම්

වලපනේ නායයාමෙන් අතුරුදන් දරුවා සොයා අදත් මෙහෙයුම්

by Staff writer 04-12-2019 | 6:43 PM
COLOMBO (News 1st) : වලපනේ , මල්ලපට්ටාව ප්‍රදේශයේ ගල් කොරිය සමීපයේ සිදුවූ නායයාමෙන් අතුරුදන් වූ දරුවා සොයා අදත් මෙහෙයුම් ක්‍රියාත්මක වුව ද තවමත් දරුවා සොයා ගැනීමට හැකියාවක් ලැබී නොමැත. ඒ සඳහා යොදවා ඇති යුද හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 50 කට අධිකයි. මේ අතර, ආන්දෝලනයට තුඩුදුන් වලපනේ මල්ලපට්ටාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගල් කොරියේ බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබේ. භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ජ්‍යේෂඨ අධ්‍යක්ෂ ඉන්ජිනේරු සජ්ජන ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, එම ස්ථානය සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් ආරම්භ කරන බවයි. එහි ප්‍රතිඵල මත ගල් කොරියේ බලපත්‍රය යළි ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළබඳ තීරණයකට එළැඹෙන බව ද, ඔහු ප්‍රකාශ කළේ ය. පසුගිය දා සිදුවු එම නායයාමෙන්, පුද්ගලයින් ති දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.