දුර ගමන් බස් නවත්වන හෝටල් පරීක්ෂාවට සැළැස්මක්

දුර ගමන් බස් නවත්වන ආපන ශාලා, හෝටල් පරීක්ෂාවට සැළැස්මක්

by Staff writer 04-12-2019 | 7:36 AM

COLOMBO ( News 1st ) - දුර ගමන් සේවා බස් රථ නවත්වන ආපන ශාලා හා හෝටල් සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂාවක් සිදු කිරීමට මගී ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යංශය සැළසුම් කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, මගී ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳ සැළකිල්ලට ගෙන මේ පියවර ගත් බවයි. ඒ, අනුව සෑම දිස්ත්‍රික්කයක් සඳහාම මගී පහසුකම් පිළිබඳව සොයා බැලීමට කළමනාකාරවරයෙක් පත්කරන බව ද ඔහු කියා සිටියේ ය. ආපන ශාලා ප්‍රමිතිගත කිරීමෙන් පසු ගන්නා පියවර සම්බන්ධයෙන් ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැහැදිලි කිරීමක් කළේ ය.