කටුනායක පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ගැනේ

ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ගැනේ

by Staff writer 04-12-2019 | 10:35 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කණ්ඩායමේ කවරෙකු හෝ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරිම ඒ සඳහා සුදානම් වීම සහ පෙළඹවීම යන චෝදනා සම්බන්ධයෙන්, කටුනායක පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවෙකු රඳවා තබා ගෙන ප්‍රශ්න කිරිමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අවසර දී තිබේ. ඒ එම සැකකරු ඊයේ පස්වරුවේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු කේසර සී. ඒ. සමරදිවාකර මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. සැකකරු වාලච්චේන ඔට්ටමාවඩි මීරාඕඩේ ප්‍රදේශයේ පදිංචි 27 හැවිදිරි අයෙකි. ඔහු සමග කටුනායක, අමන්දොළුව ජයවර්ධනපුර ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිටි තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය ප්‍රකාශ කළේ, අවුරුදු 25, 35 සහ 38 යන වයස්වල පසුවන එම සැකකරුවන් අපරාධයටකට සුදානම් නොවන බවට අනාවරණය වීමෙන් පසු පොලිස් ඇප මත මුදා හැරි බවයි. අත්අඩංගුවේ රඳවා ගත් සැකකරු අධීකරණයට ඉදිරිපත් කරමින්, පොලිසිය ඉල්ලා සිටියේ පැය 72 ක් ඔහු රඳවා ගෙන ප්‍රශ්න කිරිමට අවසර දෙන ලෙසයි. ඊට අවසර දුන් අධිකරණය විමර්ශන අවසන් කර, සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස පොලීසියට නියෝග කළේ ය.