ගූගල් මව් සමාගම පාලනයෙන් ඉවත් වෙයි

ගූගල් මව් සමාගම පාලනයෙන් ඉවත් වෙයි

by Staff writer 04-12-2019 | 1:00 PM

News 1st - ගූගල් සමාගමේ මව් සමාගම පාලනයෙන් ඉවත්වන බව එහි සම නිර්මාතෘවරුන් වන ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් නිවේදනය කළහ.

ඔවුහු සඳහන් කළේ, ඇල්ෆබට් නැමති සිය මව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපති ධූරවලින් ඉවත්වන නමුත් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය තුළ තව දුරටත් රැඳී සිටින බවයි. මේ අනුව ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන සුන්දර් පීචායි ඇල්ෆබට් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වනු ඇති. 2015 වසරේදී ඇල්ෆබට් සමාගම නිර්මාණය කෙරුණේ ගූගල් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ කොටසක් ලෙසයි. ගූගල් සමාගමේ ක්‍රියා පිරිසිදු සහ වගකිවයුතු භාවයෙන් පවත්වාගෙන යාම ඇල්ෆබට් මව් සමාගම පිහිටුවීමේ අරමුණයි. නව නිෂ්පාදන සහ අභියෝග භාරගැනීමේ අරමුණින් මෙම සමාගම පාලනයෙන් ඉවත්වූ බව 1998 වසරේදී කැලිෆෝනියා හි ගරාජයකදී ගූගල් සමාගම පිහිටවූ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් සඳහන් කළහ.