ගල්, වැලි, පස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය නැහැ

ගල්, වැලි, පස් ප්‍රවාහනයට පනවා තිබූ බලපත්‍ර ක්‍රමය මින් ඉදිරියට අහෝසියි

by Staff writer 04-12-2019 | 8:50 PM
COLOMBO (News 1st) : ගල්, වැලි සහ පස් ප්‍රවාහනය සඳහා මින් ඉදිරියට බලපත්‍ර අවශ්‍ය නොවන බව, පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි. ඒ අද පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් පළ කළ අමාත්‍යවරයා පැවසුවේ, ගල්, වැලි සහ පස්වල මිල ගණන් අඩු වනු ඇති බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.