COLOMBO (News 1st) : කතානායක කරූ ජයසූරිය මහතා අද පෙරවරුවේ සියම් නිකායේ මල්වතු , අස්ගිරි පාර්ශ්වයේ සහ රාමඤ්ඤ නිකායේ මහා නාමිහිමිවරුන් බැහැදුටුවේ ය.
කතානායක කරු ජයසූරීය මහතා පළමුව මල්වතු විහාරයට පැමිණ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් බැහැදුටුවේ ය.
අනතුරුව අස්ගිරි මහා විහාරයට පැමිණි කතානායකවරයා අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේ ය.
මැණික්හින්න හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනට පැමිණි කථානායකවරයා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් බැහැදුටුවේ ය.
කතානායකවරයා පසුව මාධ්‍යට අදහස් දක්වමින් පැවසුවේ, එක්සත් ජාතික පක්ෂය තුළ සමගිය ,එකමුතුබව විනය ඇති කිරීමට දායකත්වය ලබා දෙන ලෙස මහනාහිමිවරුන් තමාට පැවසූ බවයි.
"මහනායක හිමිපාණන් වහන්සේලා අනුනායක හිමිපාණන් වහන්සේලා එක් දෙයක් කිව්වා ,විශේෂයෙන් ප්‍රජාජතන්ත්‍රවාදී එක්සත් ජාත්ක පක්ෂය තුළ සමගිය ,එකමුතුබව විනය ඇතිකරන්න,මටත් දායකත්වය ලබා දෙන්න කියලා ,එතනදි මම සදහන් කළේ කතානායකවරයා වශයෙන් යම් සීමා බන්ධන මට තියනවා ,දේශපාලන වැඩකටයුතු වලට සහභාගි වෙන්න බෑ කියලා ,නමුත් මම හැකි දෙයක් මම කරනවා ,මොකද හැම විටම කියන්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුළ ඒ සමගිය ,එකමුතුබව විනය අවශ්‍යයයි කියන කටයුතු කිව්වා. ඒ අවවාද අනුශාසනා මම පිළිගත්තා.ඒ නිසා මම ඉදිරි කාලය තුළ මම අපක්ෂපාතී කතානායකවරයෙක් වශයෙන් ක්‍රියා කළ ආකාරයට ඉදිරියටත් මම කරන්න ,ඊට පස්සෙ මැතිවරණත් ළගදි වෙනවා ඒ නිසා නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සහයෝගය මැතිවරණ කොමිසමට ලබා දෙනවා''