උතුරු මැද සහ නැගෙනහිර නව ආණ්ඩුකාරවරු

උතුරු මැද සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

by Staff writer 04-12-2019 | 5:57 PM

COLOMBO (News 1st) - නව ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ, උතුරු මැද සහ නැගෙනහිර පළාත් සඳහායි. ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය මහචාර්ය තිස්ස විතාරණ මහතා දිවුරුම් දුන් අතර නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාර ධුරයට අනුරාධා යහම්පත් මහත්මිය පත් කෙරුණි.