බැඳුම්කර විගණන වාර්තා රහසිගතව තැබීමට තීරණයක්

බැඳුම්කර සිද්ධියේ වෝහාරික විගණන වාර්තා රහසිගතව තැබීමට හිටපු කෝප් කමිටු සභාපති තීරණය කරයි

by Staff writer 03-12-2019 | 5:47 PM

COLOMBO ( News 1st )  - මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තා මීළඟ කෝප් කමිටුව ස්ථාපනය කරන තෙක් රහස්‍ය වාර්තාවක් ලෙස තැබීමට හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වෝහාරික ගිණුම් පිළිබඳ වාර්තා 05 ක් මහ බැංකුවෙන් කෝප් කමිටුවට ලැබී ඇති බවයි. එම වාර්තා කෝප් කමිටු සමාජිකයින්ට පමණක් පරිහරණය කළ හැකි බවට සහ නීතිමය කටයුතු සඳහා පමණක් භාවිත කළ හැකි බවට නීතිපති උපදෙස් ලැබීම මත ඒවා රහස්‍ය ලෙස තබා ගන්නා බව සුනිල් හදුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේ ය. 2002 වසරේ සිට 2015 පෙබරවාරි 28 වැනිදා දක්වා කාලය තුළ මහ බැංකු ගණුදෙනු සිදුව ඇති ආකාරය පිළිබඳ මෙම වෝහාරික විගණනයේදී අවධානය යොමුව තිබේ. මේ වාර්තා සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද කෝප් කමිටුව කැඳවා තිබුණද පාර්ලිම්න්තු වාර අවසාන කිරීම හේතුවෙන් එය අවලංගු විය.