පොහොට්ටුව ද? පුටුව ද?

by Staff writer 03-12-2019 | 7:39 PM

COLOMBO (News 1st) - මහ මැතිවරණයට පොදුජන පෙරමුණ පුටුව ලකුණින් තරග කිරීමට පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා ගිවිසුම් ගතවී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

උදය ගම්මන්පිල මහතා මේ බව පැවසූවේ, කෝට්ටේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. කෝප් කමිටුව පිළිබඳව ද එහිදී උදය ගම්මන්පිල මහතා අදහස් පළ කළේය.