පූජිත් සහ හේමසිරි 17 තෙක් යළි රිමාන්ඩ්

by Staff writer 03-12-2019 | 10:14 AM
COLOMBO (News 1st) : හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති ,පොලිස්පති පූජිත ජයසුන්දර ලබන 17 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ , සැකකරුවන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. පසුගිය අප්‍රේල් 21 වැනිදා එල්ලවු ත්‍රස්ත ප්‍රහාර , වළක්වා නොගැනීමෙන් රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව යටතේ ඔවුන් අත්අඩංගුවට ගනු ලැබූ අතර අද දිනයේ ඔවුන් අධීකරනය හමුවට ඉදිරිපත් කෙරිණ. මෙහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් 10 දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කර ගැනීමට අවශ්‍ය බවයි. විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය. https://www.youtube.com/watch?v=kz3iQs-x5wQ