නවගමුවේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

නවගමුවේදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

by Staff writer 03-12-2019 | 9:20 AM
COLOMBO (News 1st) : නවගමුව, කරතොට, වැයික්කවත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් සිදුකළ වැටලීමකදීයි. අත්අඩංගුවට ගෙන ඇති සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 18 ක් හා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 373 ක් ද සොයා ගෙන තිබේ. සැකකරු, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඌරුජුවා නමැත්තා සිදුකර ඇති අපරාධවලට ආධාර අනුබල දුන් අයෙකු බව අනාවරණය වී ඇතැයි ද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.