by Staff writer 03-12-2019 | 9:14 PM
COLOMBO (News 1st) - ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම් පැස්කල් බේරිස්විල් මහත්මිය එරට ශ්‍රී ලංකා තානාපති කරුණාසේන හෙට්ටිආරච්චි මහතා කැඳවා මෙම සිදුවීම පිළිබඳව කරුණු විමසා තිබේ.
ස්විට්සර්ලන්ත මධ්‍යම විදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, තානාපති කාර්යාල නිලධාරිනියගේ සිදුවීම සම්බන්ධයෙන් තානාපති කාර්යාලය ලබාදුන් තොරතුරුවලට පටහැනි සාක්ෂි මොනවාදැයි පැහැදිලි කරන්නැයි මෙම හමුවේදී රාජ්‍ය ලේකම්වරිය තානාපතිවරයාට දැනුම් දුන් බවයි.
නීතියේ ක්‍රියාවළිය අනුව මතුව ඇති ගැටලුව විසදා ගැනීමට ස්විට්සර්ලන්තය පූර්ණ සහයෝගය ලබාදෙන බව ද රාජ්‍ය ලේකම්වරිය තානාපතිවරයාට දැනුම්දී ඇත.
මෙම සිදුවීමට සම්බන්ධ සේවිකාවගෙන් සෞඛ්‍ය හේතු මත තවමත් ප්‍රකාශයක් ගැනීමට නොහැකි බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
විමර්ශන ප්‍රමාද කිරීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් තම කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඇති වගකීම බරපතළ ලෙස සලකන බවත් ස්විට්සර්ලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කරයි.