තානාපති කාර්යාලයේ රඳවා සිටි කාන්තාවට රට යාම තහනම්

තර්ජනය කළ බව කියන ස්විස් තානාපති කාර්යාලයේ කාන්තාවට ලබන 9 දක්වා විදේශ ගතවීම තහනම්

by Staff writer 03-12-2019 | 5:42 PM

COLOMBO (News 1st) - රඳවා ගෙන තර්ජනය කළ බව කියන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන ගාලියා බැරිස්ට ෆ්‍රැන්සිස් මහත්මියට අධිකරණයේ අවසරයකින් තොරව ලබන 9 වැනි දා දක්වා විදේශ ගතවීම තහනම් කර තිබේ.

එම නියෝගය කළේ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියයි. මේ අතර ලබන 9 වැනි දාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස දන්වා නොතිසි නිකුත් කිරීමට ද මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කළා ය.