කසළ තේ කිලෝ 35,000 ක් අඩංගු බහාලුම් 2ක් රේගු භාරයට

එමීර් රාජ්‍යට යැවීමට සූදානම් කර තිබු කසළ තේ කිලෝ 35,000 ක් අඩංගු බහාලුම් 2ක් රේගු භාරයට

by Staff writer 03-12-2019 | 5:15 PM

COLOMBO (News 1st) - එක්සත් අරාබි එමීර් රාජ්‍යට යැවීමට සූදානම් කර තිබු කසළ තේ කිලෝග්‍රෑම් 35,000 ක් අඩංගු බහාලුම් දෙකක් රේගු භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, අපනයන පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානයේ තිබී එම කසළ තේ තොගය සොයා ගත් බවයි. සොයා ගත් කසළ තේවල වටිනාකම රුපියල් ලක්ෂ 35 කි. කොහුබත් අපනයන කරන මුවාවෙන් ඒවා විදේශ රටවලට යැවීමට සැලසුම් කර ඇතැයි මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණ වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.