මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරු අතර හමුවක් හෙට

මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරු අතර හමුවක් හෙට

මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරු අතර හමුවක් හෙට

කර්තෘ Staff writer

03 Dec, 2019 | 12:42 pm

COLOMBO (News 1st) : මැතිවරණ කොමිසම සහ පක්ෂ ලේකම්වරුන් අතර හමුවක් හෙට පැවැත්වීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, එම හමුව සඳහා පක්ෂ ලේකම්වරුන් හෝ පක්ෂයේ නිත්‍ය නියෝජිතයෙකු සහභාගී විය යුතු බවයි.

හෙට පෙරවරු 10 ට ජාතික මැතිවරණ කොමිසමේදී එම හමුව පැවැත්වෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, එහිදී ඇප මුදල් සම්බන්ධ සංශෝධන, මැතිවරණ ප්‍රචාරක වියදම්, මැතිවරණ වියදම් ඇතුළු මැතිවරණ නිති පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මැතිවරණ නීති සම්බන්ධයෙන් මීට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනා අනුව, මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ද, ඔහු සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]