මාලදිවයින සාග් ක්‍රීඩා ඉතිහාසයේ පළමු රන් පදක්කම දිනා ගනී

මාලදිවයින සාග් ක්‍රීඩා ඉතිහාසයේ පළමු රන් පදක්කම දිනා ගනී

මාලදිවයින සාග් ක්‍රීඩා ඉතිහාසයේ පළමු රන් පදක්කම දිනා ගනී

කර්තෘ Staff writer

03 Dec, 2019 | 9:10 pm

News 1st – දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහායේ පළමු රන් පදක්කම දිනා ගැනීමට මාලදිවයින අද සමත් විය.

ඒ, මීටර් 100 ය පිරිමි ධාවන ඉසව්වෙනි.

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරග අද ආරම්භ විණි.

එහි මීටර් 100 ය පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය අද පැවැති අතර ඉන් ජය ගත්තේ, තත්පර 10.49 ක කාලයක් සටහන් කළ මාලදිවයිනේ සායිද් හසාන් ය.

වසර 35 ක දකුණු ආසියානු ක්‍රීඩා ඉතිහාසයේදී මාලදිවයින දිනු පළමු රන් පදක්කම එයයි.

පසුගිය වර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 100 ය පිරිමි ධාවන ඉසව්ව ජය ගත් හිමාෂ ඒෂාන්ට මෙවර රිදී පදක්කමෙන් සෑහීමට පත්වීමට සිදු විණි.

ඔහු එහිදී 10.50 ක දක්ෂතාවක් දැක්වූවේ ය.

මේ අතර අද දිනයේදී ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා අංශයෙන් රන් පදක්කම් 2 ක් හිමි විය.

මීටර් 1500 කාන්තා ධාවන ඉසව්වට එක් වූ ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක එහි රන් පදක්කම දිනා ගත්තේ, මිනිත්තු 4යි තත්පර 34 යි දශම 3යි 4ක කාලයක් සටහන් කරමිනි.

මේ අතර ”ද්වි ප්‍රයාම” ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් ඇතුළුව පදක්කම් 3 ක් හිමි විය.

එහි කාන්තා තරගයේ රන් පදක්කම දිනා ගත්තේ, ශ්‍රී ලංකාවේ එරංගා දුලක්ෂි.

කාන්තා අංශයේ ලෝකඩ පදක්කම සහ පිරිමි අංශයේ ලෝකඩ පදක්කම ද හිමි වූයේ ශ්‍රී ලංකාවටයි.

මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේ රිදී පදක්කම තත්පර 11 යි දශම 8 යි 2 ක කාලයක් සටහන් කළ අමාෂා ද සිල්වාට හිමි විය.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත්තේ තත්පර 11 යි දශම 8 යි 4 ක කාලයක් සටහන් කළ ලක්ෂිකා සුගන්ධි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]