ද. ආසියානු ක්‍රීඩා උළෙලේදී නිලානි රන් පදක්කමක් දිනාගනී

ද. ආසියානු ක්‍රීඩා උළෙලේදී නිලානි රන් පදක්කමක් දිනාගනී

ද. ආසියානු ක්‍රීඩා උළෙලේදී නිලානි රන් පදක්කමක් දිනාගනී

කර්තෘ Staff writer

03 Dec, 2019 | 12:59 pm

COLOMBO (News 1st) : 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ සිව්වන රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමිකර දීමට නිලානි රත්නායක සමත් වූවාය.

ඒ මීටර් 1500 ධාවන තරග ඉසව්වෙනි.

මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ නේපාලයේදීයි.

කාන්තා මීටර් 1500 ධාවන තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නිලානි රත්නායක එහි රන් පදක්කම දිනා ගත්තේ මිනිත්තු 4 යි තත්පර 34 .34 කින් තරගය අවසන් කරමිනි.

කාන්තා මීටර් 1500 තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා ගයන්තිකා අබේරත්නට හිමිවූයේ සිව්වැනි ස්ථානයයි.

13 වැනි දකුණූ ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 1500 ධාවන තරග ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකාවේ සන්ජීව ලක්මාල් එහි සිව්වන ස්ථානය දිනා ගත් අතර කුපුන් ක්‍රිශාන්තට එහි හිමිවූයේ පස්වන ස්ථානයයි.

මේ අතර ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ධාවන තරග ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට හිමාෂ ඒශාන් සමත් විය.

ඒ තත්පර 10 .5 0 කින් තරගය අවසන් කරමිනි.

තත්පර 10 යි .4 9 කින් තරගය අවසන් කළ මාලදිවයින් ක්‍රීඩකයාට එම ඉසව්වේ රන් පදක්කම හිමිවිය.

ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 100 ධාවන තරග ඉස්වේ රිදී හා ලෝකඩ පදක්කම් ද්විත්වයම ශ්‍රී ලංකාවට හිමිවීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරග ඉසව්වට සහභාගී වූ අමාෂා ද සිල්වා තත්පර 11 .8 2 ක කාලයකින් තරගය අවසන් කරමින් එහි දෙවැනි ස්ථානය දිනා ගත් අතර සුගන්ධි ලක්ෂිකා එහි ලෝකඩ පදක්කම දිනා ගත්තේ තත්පර 11 . 8 4 ක කාලයකින් තරගය අවසන් කරමිනි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]