ආබාධ සහිතවූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්

ආබාධ සහිතවූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්

ආබාධ සහිතවූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් ජනපතිගෙන් පණිවුඩයක්

කර්තෘ Staff writer

03 Dec, 2019 | 11:11 am

COLOMBO (News 1st) : ආබාධිත තැනැත්තන් ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සුවිශේෂි දායකත්වය ඉතා ගෞරවාන්විතව හා හෘදයාංගමව සිහිපත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අදට යෙදි ඇති ආබාධ සහිත වූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා සඳහන් කළේ පසුගිය නොවැම්බර් 18 වන දින තමන් ජනාධිපති ධූරය භාරගත් මොහොතේ සිට අපේක්ෂාව වූයේරටේ සෑම පුරවැසියෙකුගේම ජීවිතවලට සෞභාග්‍යයයේ අරුණළු උදාවනු දැකීම බවයි.

මෙරට වෙසෙන විවිධ ආබාධිත තත්ත්වයන් නියෝජනය කරන සෑම ශ්‍රී ලාංකිකයෙක්ම රටේ සංවර්ධනයට සහභාගී කර ගත යුතු ය” යන්න තමාගේත් රජයේත් අපේක්ෂාව බව එම නිවේදනයේ සඳහන් ය.

ඔවුන් සතු විශේෂ අවශ්‍යතා මෙන්ම කුසලතා හඳුනාගනිමින් රටේ සාමාන්‍ය පුරවැසියන් ඉලක්ක කොට සිදු කෙරෙන සෑම සුභසාධන සහ සංවර්ධන වැඩ කටයුත්තක් තුළම එකී සහභාගීත්වය තහවුරු කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ ඔවුන්ගේ සහභාගීත්වයට දැනට බාධාකාරී වී ඇති භෞතික මෙන්ම ප්‍ර‍තිපත්තිමය බාධා ඉවත් කළ යුතු බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]